වෙබ් අඩවියක් නොමැතිව ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයමු. Google Adsense Sinhala


 
වෙබ් අඩවියක් නොමැතිව ඇඩ්සෙන්ස් ගිණුමක් හදාගෙන මුදල් උපයමු.මේ ගැන වටිනා තොරතුරු ඇතුලත් සම්පූර්ණ ලිපිය කියවන්න.

ඇඩ්සෙන්ස් ගිණුමක් හදන්න අපේ රටේ මිනිස්සු රු.2000 ක් 3000 ක් ගනන්වා Full Domain එක්ක හදන්නනම් අනිවාර්යෙන් රු.5000ක් වත් කඩා ගන්නවා ඔය ඇඩ්සෙන්ස් ගිණුම් හදලා දෙන අය. අන්න ඒ ඔයාටම කියලා ඇඩ්සෙන්ස් ගිණුමක් හදා ගන්න එක් තරා විදියක් තමයි මේ. අනික මේකෙන් Full Domain Adsense එකක් හදාගන්න නියම ක්‍රමයක්.


Youtube මගින් අපිට Hosted ඇඩ්සෙන්ස් ගිණුමක් නම් හදා ගන්න පුලුවන්. නමුත් ඒක ෆුල් ඩොමේන් කරගන්න ගොඩාක් මහන්සිවෙන්න ඕනේ >.< 
  ඒ නිසා moneylk.info අපි කියා දෙන මේ ක්‍රමේ ගොඩාක් වටිනා රහස් ක්‍රමයක් බව අමතක නොකරන්න. ඇඩ්සෙන්ස් ගිණුම් හදලා සල්ලි කඩාගන්න අයටනම් මේ ලිපිය ගොඩාක් අප්සට් ඇති .ඒත් ඉතින් කරන්න දෙයක් නෑ අනිත් අයත් මේවා දැන ගන්න ඕනේ.

අපි එහෙනම් වැඩේට බහිමු.
 
මේ සදහා අපි බාවිතා කරන්නේ වෙබ් අඩවි 2ක් !
  • www.indyarocks.com මෙන්න පලමු වෙබ් අඩවිය .මේ වෙබ් අඩවියට ගිහින් Account එකක් හදාගෙන එහි English වලින් ලිපි 3 ක් 4 ක් දාලා ඇඩ්සෙන්ස් ඉල්ලුම් කරන්න පුලුවන්.හැබැයි copyright post ( අන්තර්ජාලයේ නොමති ලිපි ) නැතුව පුස්තකාලේ පොතක් හරි බලලා වටිනා ලිපි ටිකක් දාන්න.

    වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙලා.,
* .  ඔබේ ප්‍රොෆයිල් එක 75%ක් විතර සම්පුර්ණ කරන්න. ඔය මොනව හරිදමලා එකනම් කරන්න පුළුවන්.
* .  පින්තුර 10ක් අප්ලෝඩ් කරන්න .
* .  බ්ලොග් පෝස්ට් 3 කට වැඩියෙන් දමන්න.දැන් එහි තිබෙන Ad-sense Approve  ලින්ක් එකෙන් ගිහින් ඇඩ්සෙන්ස් සදහා ඉල්ලන්න.

  • www.docstoc.com මෙන්න දෙවෙනි වෙබ් අඩවිය. මේකෙනුත් කරන්නේ ඔය ඉහතින් කියපු සිද්දාන්තෙම තමයි.ලොවෙත් නැති කවුරුත් දැකපු ගමන් කියවන ලිපි 3 කට වඩා දාලා විසිටර්ස්ලා වැඩි කරගන්න ඒ ලිපි social Network වල දාන්න එතකොට තමයි ලිපිය බලන්න කට්ටිය එන්නේ. විශේෂයෙන්  පිටරට මිනිස්සු ගැවසෙන වෙබ් අඩවි වල , ෆෝරාම් සයිට් වල එහෙම.


    මේ දෙකේදිම ඔබේ ඊමේල් ගිණුම් වෙරිෆයි කරලා, ඒ වගේම  ඇඩ්සෙන්ස් එවන ලින්ක් එකෙන් ගිහින් ඒ ෆෝම් එක පුරවන්න.වෙබ් සයිට් අනං මනං ඕනේ නැ.

    Adsense ගැන වැදගත් :

    හැම වෙලාවකදීම ඔයාගේ ඊමේල් ගිණුම , වෙබ් අඩවියේ හදන ගිණුම , ඇඩ්සෙන්ස් ඉල්ලනකොට දෙන විස්තර ආදිය සත්‍යය තොරතොරු දෙන්න ඕනේ.

    ඇඩ්සෙන්ස් ගිණුමක් එක දිගට පවත්වාගෙන යන එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. මොකද ඇඩ්සෙන්ස් ගිණුම් මුල් කාලයේදී Disable වෙන සම්බාවිතාව වැඩියි. ( අත්දැකීමෙන් කියන්නේ  - අපහසුතාවයකට පත් කිරීමට නොවෙයි. )

    මිලග එක තමයි අපේ සමහර අය ඇඩ්සෙන්ස් ගත්ත ගමන් එකට ඉතින් ඉම්ප්‍රෙෂන්ස් එපාය කියලා කස්ටිය ගෙන්න ගන්න යනාවා. ඉතින් අපිට ලේසි ලගම ඉන්න කට්ටිය ඉක්මනට ගෙන්න ගන්න එකනේ. ඒ කිව්වේ අපේ සිංහලයන් ඉන්න ගෘප් එකකට හරි ෆොරම් එකකට හරි ගිහිල්ලා ඒවගේම සිංහල බ්ලොග් වලට ගිහිල්ල කස්ටියට එන්න කියලා කමෙන්ට් Links දානවා.

    ඉතින් ඔන්න අපේ කස්ටිය ඇවිල්ලා බැලින්නම් “අපේ එකෙකුට ඇඩ්සෙන්ස් දිලා දිලා ” කිය කියා ක්ලික් කරනවා ඔක්කොම ඇඩ් එකපිට එක කලික් කරනවා. මෙතනදි ක්ලික් කලාට කමක් නැහැ. කොහොමත් කිලික්ස් තමයි ඕන. ඒත් ඇඩ්සෙන්ස් දුන්න ගමන්ම ඇඩ්සෙන්ස්ලා හොද අවදානයක් එම ගිණුම් වෙත යොමුකරනවා. (ඒ කිව්වෙ ඉතින් පොඩි එකෙක් උනත් පොඩ් දවස්වල අපි හොද අවදානයෙන් බලා ගන්නවා නේ. වෙන කරන හැමදේම ගැන 100%ක් අවදානයෙන් අග සිට මුලටම බලනවානේ. )
    මේක වෙන්නේ ඇඩ්සෙන්ස් system එකෙන්ම තමයි. නැතුව මිනිහෙක් ඔයාගේ ඇඩ්සෙන්ස් ගිණුම බලන් ඉන්නේ නෑ  !!

    මෙහිදි වෙබ් අඩවියට ප්‍රමාණවත් විසිටර්ලා ප්‍රමානයක් නැතිව Click විශාලප්‍රමණයක් ලැබිම ඉන්වැලිඩ් කලික්ස් කයලා අපි දන්නවනේ. එතකොට හිටු කියලා ඇඩ්සෙන්ස් Specialist ලා විසින් ගිණුමට ආයුබෝවන් කියනවා.  ඒක නිසා අපි කියන්නේ ඇඩ්සෙන්ස් ගත්ත ගමන් අඩුම මාස 1ක් තියා ගන්න.

    අනිත් කාරනේ තමයි ඔයා ඇඩ්සෙන්ස් ගිණුම වෙත පිවිසෙන්න එක වෙබ් බ්‍රවුසර් එකක් හා එකම පරිගණකයෙන් ලොග් වෙන්න. නැත්තම් බ්‍රවුසර් එකේ cookies History මකලා එහෙම ලොග් වෙන්න.
    හේතුව : cookies and History වල අපි කලින් ලොග් වුන වෙබ් අඩවි වල හා ගූගල් Acc වල Data save වෙලා තියෙනවා ඉතින් ගූගල් Adsense කියන්නේ ගොඩාක් සිකුරුටි අතින් ඉහලම වෙබ් අඩවියක් ඒකට ඔය ඩේටා වෙරිෆයි වෙලා  එතනින් අහුවෙනවා.


    මේ වගේ තව ගොඩාක් කරුණු තියෙයි. අන්තිම අවවාදයනම් Adsense ගිණුමට දීලා තියෙන ඇඩ්‍රස් එක ban කර ගන්න එපා .මොකද ඒකෙදි ඔයාට ආපහු Acc එකක් හදලා සල්ලි Adsense ගිනුමෙන් උපයලා ටිකක් කල් ගිය ගමන් ඔය ඇඩ්‍රස් එක හරිද කියලා බලන්න පින් අන්කයක් ඔයාගේ ගෙදරට ලියුම් මාමා අතේ එවනවා. එතනිනදී ඔයා පින් එක අරන් අඩ්සෙන්ස් ගිණුමේ ඇඩ්‍රස් එක හරි කියලා  වෙරිෆයි කරන්න ඕනෙ. ඒවිට එම ලිපිනයට වෙන ගිණුමක් හදන්න බෑ කියලා මතයක් තියෙයි !!