Payoneer මුදල් හුවමාරු සේවාව ගැන ඊ-මනී පිලිබද සැලකිලිමත් අය අහලා ඇති. නමුත් ගොඩක් අයට මෙමගින් ලංකාවට සේවාව ලබාගැනීමේදී එය Paypal සමග හසුරුවා ගන්නේ කෙසේද යෑම ගැටලුවකි. මේ මගේ Payoneer පිලිබද පලවෙනි ලිපිය වෙන අතර මෙයින් මම මේ Payoneer සේවාව ගැන ඔබ සැමට පොඩි හැදින්වීමක් දෙන්නම්.
Payoneer යනු කුමක්ද ?
2005 වසරේ ආරම්භ කරනලද මෙම සේවාව මගින් රටවල් 200ට ආසන්න ප්‍රමානයකට වෙනත් දේශයන් සමග මුදල් ගනුදෙනු කරගැනීමේ පහසුකම සලසා දී ඇත. Prepaid Debit cards, deposits to local banks worldwide (බැංකු ගිනුමට මුදල් ලබා ගැනීම), wire transfers, global and local e-wallets and local-currency paper checks යන ආකාර ලෙසින් ඔබට මෙම සේවාව හරහා තමන්ගේ පසුම්බියට මුදල් ගෙන්වාගත හැක.
එසේම මෙම Payoneer සේවාව ඉතා විශ්වාසවන්ත සේවාවක් වන අතර එය පුද්ගලික තොරතුරු උපරිම ආරක්ශාවකින් රැකගනී.
Payoneer සහ ලංකාව
අන්තර්ජාලයෙන් ඉපයූ මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේදී ලාංකික ජනයාට එය ඉතා අපහසු කාර්යක් වේ. ඒ මන්දයත් Paypal සේවාව ලංකාවට මුදල් Withdraw ලබා නොදෙන බැවින් මගේ පෙර ලිපිවල සදහන් පරිදි ගිනුමක් සකසාගෙන කටයුතු කරන්නට වේ.
නමුත් Payoneer සේවාව නිසා මේ ගැටලු සම්පූර්නයෙන්ම පාහේ මග ඇරීගොස් ඇත. මෙම සේවාව මගින් අපට Payoneer Master Card එකක් ලබාගෙන විවිධ වෙබ් අඩවි වලින් එම කාර්ඩ් පතට මුදල් Withdraw කරගත හැකිය. ඉන්පසු ලංකාවේ ඇති ඕනෑම ATM(Automatic Teller Machine) ශාකාවකින් කාර්ඩ් පත දමා රුපියල් වලින් මුදල් ලබාගත හැක. නැතහොත් අපගේ ලංකාවේ බැංකු ගිනුමකට මුදල් ගෙන්වාගත හැක.
හොදම දෙයනම් මැලේශියන් විදියට අපි පෙයිපෑල් එකේ ගිනුම හදලා අපිට පුලුවන් Paypal සල්ලි Payoneer Master Card එකට එහෙම නැත්නම් Bank Account එකට Withdraw කරන්න.
මේ කාර්ඩ් එක පාඅවිච්චි කරනකොට පොඩි අයකිරීමක් Fee එකක් ගන්නවා. ඒක වෙන්නෙ හැම Withdrawal එකකටම US $3.25 ගන්නව, ඒවගෙමයි තවත් සුළු අය කිරීම් තියෙනවා.
මේ Payoneer Service එක ගැන සහ ලංකාව සහ Payoneer ගැනයි. ඊලග පෝස්ට් එකේදී Payoneer Debit Master Card ගන්නෙ කොහොමද Card Activate කරන්නෙ කොහොමද කියලත් ඊට පස්සෙ පෝස්ට් වල තව දුරටත් Payoneer Debit Card එක, Payoneer Service එක ගැන කියලා දෙන්නම්.